Thursday, May 9, 2024

General line - 0115112241

අද පස්වරුවේත් ප්‍රදේශ රැසකට වැසි




අද (04) පස්වරුවේ ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇදහලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 01 න් පසු ගිගිරුම් සහිත වැසි ඇතිවන බවයි. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වලට මිලිමීටර් 75 ක තරමක තද වර්ෂාපතනයක් ඇදහැලිය හැකියි. බොහෝ ප්‍රදේශවලට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ද පැවැතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.