Wednesday, May 8, 2024

General line - 0115112241

තවත් සුළු පක්ෂ 14ක් පොහොට්ටුව සමග ගිවිසුම් ගතවෙයි 




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් සුළු පක්ෂ 14ක් සමඟ අතර සහයෝගිතා ගිවිසුමකට එළඹුනා. මෙම සුළු පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මිට පෙර සන්ධාන ගතවී සිටියා. 

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය ජී.එල්. පිරිස් කියා සිටියේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය ඒකමතිකව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝහය දැක්වීමට තීරණය කලේ ඔවුන් ඉදිරිපත් කරනු ලැබූ කරුණු 13ක් ඇතුලත් යෝජනාවලියට එකඟ වීම නිසාවෙන් බවයි. නමුත් එම යෝජනාවලිය රටට අහිතකර බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනු ලැබූ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රසිංහ සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර විරසකයක් පවතින බවත්, එය රටට හිතකර තත්ත්වයක් නොවන බවද කියා සිටියා.

එමෙන්ම ජනාධිපතිවරණයේදී සියයට 65 ක ප්‍රතිශතයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයගනු ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

අහිල ඉලංගෛ ද්‍රවිඩ මහා සභාව, ශ්‍රී ටෙලෝ පක්ෂය, ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය, ජනතා සේවක පක්ෂය, එක්සත් ලංකා ජනතා පක්ෂය, ඉන්දීය සම්බවයක් ඇති ජනතා පක්ෂය , නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, ප්‍රගතිශිලි ජනතා සේවක පක්ෂය, ජාතික පෙරමුණ , එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, දේෂප්‍රේමී ප්‍රගතිශිලි ජනතා පක්ෂය සහ ඉස්ලාම් සමාජවාදී පෙරමුණ මෙලෙස අද (04) දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.

මෙම අවස්ථාව සඳහා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියා.