Thursday, May 9, 2024

General line - 0115112241

රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි




ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගැනීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) අවසර ලබා දුන්නා .

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ රූපවාහිනී සංස්ථාව පවරා ගැනීම අභියෝගයට ලක්කරමින් පූජ්‍ය දඹර අමිල හිමියන් සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන අය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙනි.

ඒ අනුව මෙම පෙත්සම ලබන වසරේ ජූනි මස 10 විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම අත් හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණා.19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව ජනාධිපතිවරයාට මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බව පෙත්සම්කරුවන් පවසා සිටියේ.

එබැවින් රූපවාහිනී සංස්ථාව පවරා ගැනීම තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශනයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.