Thursday, May 9, 2024

General line - 0115112241

මහින්දගේ නිවේදනයට පිළිතුරු නිවේදනයක්




පිහිටුවීමට යෝජිත අතුරුදන්වූවන්ගේ කාර්යාලය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට පෙර නිකුත් කරන ලද නිවේදනයකට පිළිතුරු නිවේදනයක් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මාධ්‍ය වෙත අද (01) නිකුත් කළා.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය ශී‍්‍ර ලංකාවේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේ හෝ යුක්තිය පසිදලීමේ ආයතන පද්ධතියේ කොටසක් නොවන බවයි එහි පෙන්වා දී ඇත්තේ. මෙම ආයතනය පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත කෙරෙන ස්වාධීන ආයතනයක් බවද එහි දැක්වෙනවා.

අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා සඳහා මෙන්ම අතුරුදන්වූවන්ගේ කාර්යාලයටද සාමාජිකයන් පත් කරනු ලබන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව මගින් බවයි මංගල සමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. ඔවුන් රාජ්‍ය සේවකයන් ලෙස සළකණු ලබන බවද ඔවුන්ගේ වැටුප් තීරණය කරන්නේ පාර්ලිමේන්තුව විසින් බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

මෙම ආයතනය විගණකාධිපතිවරයා විසින් විගණන කටයුතුවලටද යටත් වන බවයි මංගල සමරවීර අමාත්‍යවරයා පවසන්නේ. ඊට අමතරව වාර්ෂිකව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමටද අතුරුදන්වූවන්ගේ කාර්යාලය බැදී සිටින බව අදාළ නිවේදනයේ සඳහන් වනවා.