Sunday, April 28, 2024

General line - 0115112241

අගමැති කළ ඉල්ලීමකට අනුව හෙට පාර්ලිමේන්තුව රැස්වේ




පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට (11) පැවැත්වෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට අනුවයි.

ඊට සහභාගී වන ලෙස තමන් සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

ඒ අනුව හෙට පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය පැවැත්වෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මීට පෙර තීරණය කර තිබුණේ, පාර්ලිමේන්තුව දෙසැම්බර් 03 වැනිදා දක්වා කල් තැබීමටයි.

නමුත් කී‍්‍රඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත වහා විවාදයට ගත යුතු බවට ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් දිගින් දිගටම ඉල්ලා සිටීම හේතුවෙන් මෙලෙස හෙට දිනයේ විශේෂ සැසිවාරයක් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.