Thursday, May 9, 2024

General line - 0115112241

පාද යාත්‍රාවේ ‘සටන් පාඨ’ විවේචනය කෙරේ




පිටකෝට්ටේ පිහිටි සිරිකොත මන්දිරයේදී එක්සත් ජාතික පක්‍ෂය අද (01) පැවැත්වූ මාධ්‍ය හමුවකදී  ජන සටන පාද යාත‍්‍රාවේ සටන් පාඨ විවේචනය කෙරුණා.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැවසුවේ “රනිල් එපා කිව්වට – අපි එනවා කොළඹට. සිරා එපා කිව්වට – අපි එනවා නුවරට”. වැනි සටන් පාඨ පමණක් මෙහි කියැවුණ බවයි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න පැවසුවේ නාමල් රාජපක්ෂගේ හැසිරීම පිළිබඳව කනගාටු වෙන බවයි. තරුණයෙකු ලෙස රටට දෙන ආදර්ශය මේකදැයි යනුවෙන්ද ප්‍රශ්න කළා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)