Saturday, May 18, 2024

General line - 0115112241

"සමහර ඇමතිවරු කට වහගන්න කිව්වා" - පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා ගැන 'ගෝඨා' කතා කරයි




පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිව යුතු සියලුදෙනා සිය පාලනයක් යටතේ නීතිය හමුවට ගෙනඑන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

වෙන්නප්පුවේ පැවැති ජනරැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා. 

එහිදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ "ඒ බුද්ධි නිලධාරීන් මේ පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේදී කතා කරනකොට.. සමහර ඇමතිවරු ඔවුන්ට කිව්වා කට වහගන්න...නැවතත් මේ යුද මානසිකත්වයක් ගේන්න හදන්න එපා කියලා. විශේෂයෙන්ම හොඳම බුද්ධි අංශය අපිට හිටියේ.. යුද හමුදාවේ." යනුවෙනි.