Saturday, May 18, 2024

General line - 0115112241

ගෝඨාගේ පුරවැසිභාවය පිළිබඳ අභියාචනාධිකරණය දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණට පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

මෙම අභියාචන පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කරනු ලැබුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය නිසි ආකාරයට ලබා ගෙන නොමැති බව පවසමින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට පසුගිය ඔක්තෝබර් මස 04 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නියෝග කළා.

අභියාචනාධිකරණය ඔක්තෝබර් මස 04 දා නිකුත් කළ තීන්දුව දෝෂ සහිත බවත් එබැවින් එම තීන්දුව බල ශූන්‍ය කර පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහනයන් ලබා දෙන ලෙසට මෙම අභියාචන පෙත්සමෙන් ඉල්ලා සිටියි.