Saturday, May 18, 2024

General line - 0115112241

"මධ්‍යම පංතිය බේරා ගැනීමට වැඩපිළිවෙලක්"




සිය පාලනයක් යටතේ අධිවේගී සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස කියා සිටියේ "මධ්‍යම පංතිය බේරා ගැනීමට විශේෂ සැළසුමක් අපි ක්‍රියාත්මක කරනවා. ප්‍රශ්නවලින් පැන නොයන ආණ්ඩුවකුයි අපි හදන්නේ. " යනුවෙනි.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද මොණරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල, කලුතර යන නගරවල පැවැත්වෙන ජනරැළිවලට සහභාගී වනවා. ඔහු සහභාගී වන අවසන් මහා රැළිය මරදාන ටවර් රගහල අසලදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.