Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දු-ලංකා-චීන සම්බන්ධතාවයන් වැරදි ලෙස අර්ථනිරූපණය කළා : මන්ත්‍රි නාමල් රාජපක්ෂ




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විදේශ ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් “ප්‍රගතිශීලී ප්‍රවේශයක්” ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

ඉන්දියාවේ NDTV පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ චීනය අතර පවතින සම්බන්ධතාවයන් වැරදි ආකාරයෙක් අර්ථකථනය කර රාජ්‍ය නායකයින්ට වැරදි ලෙස සන්නිවේදනය කර තිබු බවයි.

"අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇත්තේ ප්‍රගතිශිලී ප්‍රවේශයක්. ඔහු ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ විවෘත මනසකින් යුක්තවයි. ඔහු නිරන්තරයෙන්ම දකුණු ආසියානු කලාපයට ප්‍රමුඛතාවය ලබා දෙනවා. එමෙන්ම කලාපීය රටවල් සමග සම්බන්ධකම් ගොඩනගා ගැනිමට ඉන්දිය අගමැතිවරයා කළාපයෙන් එපිට අනෙක් රටවල් සමග විදේශ සබඳතා ඇති කර ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බවයි අපගේ විශ්වාසය" නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරිම සම්බන්ධයෙන් තමිල්නාඩු දේශපාලඥයින් දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් ද මෙහිදි නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා අදහස් දක්වා සිටියා.

ඔහු කියා සිටියේ තමිල්නාඩු දේශපාලඥයින් දේශපාලන වාසි තකා විවිධ ප්‍රකාශ සිදුකරනු ලබන බවයි.

"ඔවුන් මේ රටේ දමිළ ජනතාව වෙනුවෙන් කුමක්ද සිදුකලේ ? දෙරටේ ධිවර ජනතාව අතර විවිධ ගැටළු පවතිනවා. ඒත් අපි අහන්නේ මේ තමිල්නාඩු දේශපාලඥයින් ශ්‍රි ලංකාවේ ජනතාව වෙනුවෙන් මොනවාද සිදුකලේ කියලා? අපි එක දෙයක් තේරුම් ගත යුතුයි. ශ්‍රී ලංකාව පසුගිය වසර 30 ක කාලය තුළ දරුණු අවධියක අපේ රට ගමන් කළා. අපි එල්ටීටීඊයට එරෙහිව සටන් කළා. 

අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවට හා එල්ටීටීඊයට එරෙහිව සිදුකල මෙම සටන ඔවුන් නිරූපණය කලේ සිංහලයන් සහ දෙමළ ජනතාව අතර සටනක් ලෙසයි. එය මුළුමනින්ම වැරදියි" නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියා.