Thursday, May 2, 2024

General line - 0115112241

මාලිංග තීරණය වෙනස් කරයි




එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් පසුව ද තවදුරටත් තමන්ට ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ රැඳී සිටීමට හැකි බව ශී‍්‍ර ලංකා සුපිරි කී‍්‍රඩක ලසිත් මාලිංග පවසනවා. කෙසේවෙතත් මීට පෙර ප‍්‍රකාශ වී තිබුණේ ලෝක කුසලානයෙන් පසු මාලිංග 20 යි 20 කි‍්‍රකට් පිටියෙන් ද සමුගනු ඇති බවයි. 

කෙසේවෙතත් තවත් වසර 02 ක පමණ කාලයක් තමන්ට පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරග සඳහා සහභාගී විය හැකි බව ලසිත් මාලිංග පවසා තිබෙනවා.

තමාගේ හැකියාව පන්දු යවන්නෙකු ලෙස මෙන්ම නායකයෙකු ලෙස ද කළමනාකරණය කරගත හැකි බවයි ඔහු පවසන්නේ.

ලොව පුරා පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරග රැසකට සහභාගී වී තමන් ලද අත්දැකීම් ඊට හේතුව ලෙස ප‍්‍රකාශ කර තිබෙනවා. 

36 හැවිරිදි ලසිත් මාලිංග පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් පිටියේ කඩුළු 100 ක් බිඳ හෙලූ ලොව පළමු සහ එකම පන්දු යවන්නා ද වනවා.