Thursday, May 2, 2024

General line - 0115112241

අධිරාජ්‍යවාදීන් තවත් සැලසුමක් ලෙස සිතියමක් ක්‍රියාත්මක බව 'වාසු' පෙන්වයි




සජිත් පේ‍්‍රමදාස ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමග අධිරාජ්‍යවාදීන් තවත් සැලසුමක් කි‍්‍රයාත්මක කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයේ ඡන්ද ප‍්‍රතිපලය ඉලක්ක කර ගනිමින් ඔවුන් එම සැලසුම කි‍්‍රයාත්මක කර ඇති බවයි. 

එහිදී "මේ රටේ බෙදුම්වාදී මතය නිරූපණය වෙන ආකාරයට ඡන්දය මෙහෙයවීමට කටයුතු කිරීම ඔවුන්ගේ දෙවැනි අරමුණ වී තිබෙනවා.  එමගින් මේ රටේ ඡන්ද ප්‍රතිඵලය එක්තරා විදිහකට බෙදුම්වාදී සිතියමක් මතු කර පෙන්වීම... දැන් වෙනකොට ක්‍රියාත්ම වෙලා තියෙනවා." යනුවෙන්ද සඳහන් කළා.

අධිරාජ්‍යවාදීන්ගේ මෙම සැලසුම පරාජය කිරීමට කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 

මේ අතර තමන්ට ඡන්දය ලබාදුන් අයගේ පමණක් නොව තමන්ට ඡන්දය ලබා නොදුන් සියලු දෙනාගේ ද ජනාධිපති තමන් බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී තිබුණේ ජාතිය හෝ ආගම කුමක්වුවත්, තමන් සියලු ශ‍්‍රී ලාංකිකයින්ගේ ජනාධිපති බවයි. සැමට ගෞරවයෙන් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත්, සාමකාමී දේශයක් බිහිකිරීම උදෙසා සියලුදෙනාගේ සහයෝගය කාරුණිකව අපේක්ෂා කරන බව ද එහි සඳහන්ව තිබුණා.