Friday, May 3, 2024

General line - 0115112241

ඩි.ඒ. රාජපක්ෂ නඩුවෙන් ජනපති ගෝඨාභය නිදහස්




ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළ නඩුවේ සියලු චෝදනා වලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිතිඥ සනත් ගමගේ විසින් ගොනු කළ මෝසමක් අනුව මෙම නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අනුව නඩුව කැදවනු ලැබුවා.

එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජන්රාල් දීලිප පිරිස් කියල සිටියේ විධායක ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇති චෝදනා ඉවත්කර ගැනීමට කටයුතු කළ බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ කියා සිටියේ.

සෙසු විත්තිකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදි දැනුම් දෙන බවයි.