Friday, May 3, 2024

General line - 0115112241

අගමැති ඉල්ලා අස්වෙමින් සමුගැනීමේ දේශනය පවත්වයි




රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය අමතමින් සිය සමුගැනීමේ දේශනය සිදු කර තිබෙනවා.

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ බවට වන ලිපිය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වෙත යොමු කර ඇති බවද වාර්තා වුණා.

මේ අතර හිටපු සියලු කැබිනට් අමාත්‍යවරුන් වෙත ලිපියක් යොමු කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා දන්වා ඇත්තේ තමන් අද සිට අග‍්‍රාමාත්‍යධූරයෙන් ඉවත් වන බැවින් කැබිනට් මණ්ඩලය ද විසුරුවා හැරෙන බවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46, 2 ආ ව්‍යවස්ථාවට අනුව තමන් අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ද එහි සඳහන්. 

විශේෂ ප‍්‍රකාශයක් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (20) පැවසුවේ තමන් අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බවයි. ඒ, ජනවරමට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩ සලසා දෙමින්.