Friday, May 3, 2024

General line - 0115112241

ලෝක උරුම සිංහරාජයේ කොටසක් වනසන බවට කොලොන්න ප‍්‍රාදේශිය සභාවට චෝදනා




ලෝක උරුම සිංහරාජ වන රක්ෂිතයේ ‘‘මෝනින් සයිඞ්’’ හෙවත් ‘‘හිමිදිරි පෙදෙස’’ සංචාරක බංගලාවට පිවිසෙන මාර්ගය දෙපස රක්ෂිතයට, කොලොන්න ප‍්‍රාදේශීය සභාව විසින් බැකෝ යන්ත‍්‍ර යොදා හානි සිදු කර ඇති බවට පරිසර සංවිධාන චෝදනා කරනවා. 

කිලෝ මීටර් 5කට ආසන්න දුරක්  එලෙස වන රක්ෂිතය හායනයට ලක්කර ඇත්තේ අදාළ රාජ්‍ය ආයතනවල කිසිදු අවසරයකින් තොරව බවයි පරිසර සංවිධාන චෝදනා කරන්නේ. වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැදවුම්කරු ජයන්ත විජේසිංහ ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත මෙලෙස කරුණු දැක්වූවා.

මේ හේතුවෙන් සිංහරාජ වන රක්ෂිතයට ආවේනික සහ දුර්ලභ ශාක හා සත්ව විශේෂ රැසකට හානි සිදුව ඇති බවයි වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැදවුම්කරු ජයන්ත විජේසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරවීමට නෙත් නිවුස් ඊයේ රාතී‍්‍රයේ කටයුතු යොදනු ලැබුවා. 

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.