Friday, May 3, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ සුදානමක්




පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා. බොහෝ දුරට ලබන සතියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ. 

අවසන් වරට රැස් වූ අවස්ථාවේදී තීරණය කෙරුණේ පාර්ලිමේන්තුව ලබන මස 3 වනදා යළි රැස්වීමටයි. 

එහෙත් නව ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින් පාර්ලිමේන්තුව වාර අවසාන කර ජනාධිපතිවරයා විසින් නව පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා. 

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අති විශේෂ ගැසට් නිවෙදනයක් මගින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කළ හැකි අතර එම ගැසට් නිවේදනය නිකුත් කර මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුව යළි රැස් කළ යුතු වනවා. 

එලෙස පාර්ලිමේන්තුව යළි රැස්වන දිනයද අදාළ ගැසට් පත‍්‍රයේ සඳහන් කළයුතු වනවා.