Friday, May 3, 2024

General line - 0115112241

ජනපති ගෝඨාභයට පුටින්ගෙන් සුභ පැතුම්




නව ජනාධිපතිවරයා ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සුභ පැතුම් එක්කර තිබෙනවා. 

සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ දෙරට අතර ද්විපාර්ෂික සංවාදයක් හා ඵලදායී සහයෝගීතාවක් ගොඩනැඟීමට හැකිවනු ඇති බවයි. 

එමෙන්ම කලාපීය ස්ථාවරය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට සහය වීමට සූදානම් බව ද රුසියානු ජනාධිපතිවරයා නිකුත් කළ සුභ පැතුම් පණිවිඩයේ ස`දහන්. ශී‍්‍ර ලංකාවට සාර්ථකත්වය හා සශී‍්‍රකත්වය උදා වේයැයි ප‍්‍රර්ථනා කරන බවද එහි වැඩිදුරටත් සඳහන්.