Friday, May 3, 2024

General line - 0115112241

මාර්ග තදබදය අවම කරන්න ආරක්ෂක ලේකම්වරයා ගෙන් පොලිසියට උපදෙස් 




කොළඹ ඇතුළු තදාසන්න නගරවල පවතින වාහන තදබදය අවම කිරීම සහ ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.

රථවාහන පොලිස් නිලධාරීන් ගේ රාජකාරී අවශ්‍යතා සඳහා යතුරුපැදි ලබාදීමට සහ වාහන තදබදය අධිකව පවතින තදාසන්න නගර ආශ්‍රිතව රාජකාරී සඳහා යොදවන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව වැඩිකිරීමට මෙහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම පොලිස් නිලධාරීන්ට හොද මාසික වේතනයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව මෙහිදී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබෙනවා. එමෙන්ම මාර්ග නීති කඩකරන රියදුරන් සම්බන්ධයෙන් නිසි පරිදි නිතිය ක්‍රියාත්මක කිරිමේදී ඒ සඳහා පොලිස් නිලධාරීන්ට වරප්‍රසාධ ලැබෙන ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් මෙහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අවධානයට යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විනයගරුක රටක් බිහිකිරීමේ අරමුණින් සිදුකර ගෙන යන වැඩපිළිවලේදී මාර්ග විනයද වැඩිදියුණු විය යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටිනවා. වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවකදී මේ බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.