Sunday, May 19, 2024

General line - 0115112241

වයඹ ආණ්ඩුකාර මුසම්මිල්ට එරෙහි විරෝධයක් සමනය කිරීමට බොදුබල සේනා පෙරට




වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඒ ජේ එම් මුසම්මිල් පත් කිරීමට විරෝධය පළ කරමින් බොදුබල සේනා සංවිධානයේ ලිපි ශීර්ෂයක් යටතේ ප්‍රසිද්ධ කර ඇති ලියවිල්ලක් එම සංවිධානය අද ප්‍රතික්ෂේප කළා. එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පැවසුවේ එවැනි ලියවිල්ලක් බොදුබල සේනා සංවිධානය විසින් ප්‍රසිද්ධ නොකළ බවයි. 

තවදුරටත් ජාතිවාදී අදහස් දරමින් කටයුතු කිරීම රටට අවැඩදායක බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ආචාර්ය විලී ගමගේ ද, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව ද අද වැඩභාර ගත්තා.