Sunday, May 19, 2024

General line - 0115112241

රුවන්වැලි මහා සෑ රදුන් වෙත නව චූඩාමාණික්‍ය පැළඳවේ




රන්පාදමක් සහිත නව චූඩාමාණික්‍ය ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් වෙත පැළඳවීම අද පස්වරුවේ සිදු කෙරුණා. මෙලෙස චූඩා මාණික්‍ය පැළඳවූ කොත හෙට නිරාවරණය කිරීමට නියමිතයි. 

දුටුගැමුණු රජතුමන් විසින් ඉදිකරන ලද රුවන්වැලි මහා සෑය, මීට පෙර අවසන්වරට ප්‍රතිසංස්කරණය කර චූඩාමාණික්‍ය පැළඳවීම සිදුකෙරුණේ 1939 වසරේදීයි. එම චූඩාමාණික්‍ය පළුදු වී දුර්වර්ණ වීම නිසා නව චූඩාමාණික්‍ය පැළඳවීමට පියවර ගැනුණා.