Sunday, May 19, 2024

General line - 0115112241

ජනපතිගෙන් තවත් සීමාවක්




කැබිනට් අමාත්‍යවරුන්ට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. 

ඒ අනුව එක් කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැක්කේ එක් උපදේශකවරයෙකු පමණයි. රජයේ වියදම් අවම කිරීම මෙහි අපේක්ෂාව වී තිබෙනවා. 

කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි උපදේශකවරුන් සම්බන්ධයෙන් මෙවැනි සීමාවක් මීට පෙර පැවතියේ නැහැ.

ඉකුත් ආණ්ඩුවේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්, 50 දෙනෙකුට ද වැඩි උපදේශකවරුන් පිරිසක් රඳවා තබා ගත් බවට වාර්තා පළවුණා.

කැබිනට් අමාත්‍යවරුන්ගේ මෙම උපදේශකවරුන් වෙනුවෙන් රජයට අනවශ්‍ය වැඩි වියදමක් ද දැරීමට සිදුවන බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මීට පෙර, ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළා. එමෙන්ම පසුගිය දින කිහිපය තුළ වියදම් අඩු කිරීම සහ නාස්තිය අවම කිරීමේ අරමුණින් විවිධ ක්‍රියාමාර්ගයන්ද ගත්තා.