Sunday, May 19, 2024

General line - 0115112241

ආරක්ෂක කවුන්සිලය පළමු වරට අද රැස් වේ




නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද (26) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා ද අදාළ තවත් නිලධාරීන් ද ඊට සහභාගී වීමට නියමිතයි. 

ඉකුත් ආණ්ඩුව සමයේ ආරක්ෂක කවුන්සිලය විධිමත්ව රැස් නොවූ බවට සහ සකී‍්‍රයව තීරණ නොගත් බවට චෝදනා එල්ල වුණා.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඍජුව වගකීමක් නොදරන අමාත්‍යවරුන් හෝ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ද ආරක්ෂක කවුන්සිලයට සහභාගී කරවා ගැනීම ඉකුත් ආණ්ඩුවට පැවති තවත් චෝදනාවක්. 

අවසන්වරට ආරක්ෂක කවුන්සිලය රැස්වී ඇත්තේ ඉකුත් ඔක්තෝම්බර් මස 31 වැනිදායි.