Sunday, May 19, 2024

General line - 0115112241

වජිර සිය දේශපාලනය ගැන පැහැදිළි කරයි




තමන් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පළ කිරීම සඳහා ආණ්ඩුවට එක්වන්නේ යැයි පැතිර යන රාවයන් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප‍්‍රතික්‍ෂේප කරනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියාසිටියේ පක්‍ෂ මාරු කිරීම තමන්ගේ දේශපාලන භාවිතයක් නොවන බවයි. 

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් අවස්ථාවට ඒ වනවිට අමාත්‍ය ධුර දරමින් සිටි එක්සත් ජාතික පක්‍ෂයේ කිහිප දෙනෙකුද සහභාගි වී සිටියා.

මෙය බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ අතර හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනද ඒ අතර සිටි කෙනෙක්.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන්ද මෙහිදී විමසීමක් කළා.

එහිදී සඳහන් කෙරුණේ "අපි අරලියගහ මන්දිරයේදී කළ සාකච්ඡාවක තීරණයක් අනුව එවකට අගමැතිතුමා සහභාගී වෙන අවස්ථාවකට මාත් සහභාගී වුණා. ඒකෙන් කියන්නේ නෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහයෝගය දෙනවයි කියලා. අපිට දේශපාලන පළපුරුද්දක් තියෙනවා." යනුවෙනි.

තමන් තවදුරටත් එක්සත් ජාතික පක්‍ෂය සමග රැදී සිට ජනතා සේවයේ යෙදෙන බවද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන නෙත් නිවුස් වෙත කියාසිටියා.