Sunday, May 19, 2024

General line - 0115112241

නෙත් සමග 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව වැඩසටහන් මෙහෙයවන සරත් ආනන්ද ගුරුතුමන් සම්මානයෙන් පිදුම් ලබයි




නෙත් එෆ්. එම්. රේඩියෝව සමග එක්ව දැයේ දරුවන්ගේ නෙත් පෑදීම සඳහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව වැඩසටහන් මෙහෙයවන සරත් ආනන්ද ගුරුතුමන් සම්මානයකින් පිදුම් ලබා තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් ඉටුකළ මෙහෙය අගයමින් ‘‘ස්වර්ණසිංහ සම්මානයයි’’ සරත් ආනන්ද ගුරුතුමන්ට මෙලෙස හිමිව තිබෙන්නේ.

සම්මානය පිරිනැමුණේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවයකදියි. දේශබන්දු ගෞරව නාමයෙන්ද සරත් ආනන්ද ගුරුතුමන් මෙහිදී පිදුම් ලැබුවා.