Wednesday, May 15, 2024

General line - 0115112241

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන අඟහරුවාදා පැය  10 ක ජල කප්පාදුවක්




ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන අඟහරුවාදා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ, බද්දේගම ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව ලබන අඟහරුවාදා පෙරවරු 08.30 සිට පස්වරු 06.30 දක්වා බද්දේගම, අම්බලන්ගොඩ, හික්කඩුව, බලපිටිය, බෙන්තොට, ඇල්පිටිය, බටපොල හා ගෝනපිනුවල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.