Tuesday, May 14, 2024

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු මන්නාරමදී අත්අඩංගුවට




මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඌරුමලෙයි ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි. එහිදී සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්ෂණය කර ඇති අතර ඔහු සතුව තිබූ යාත්‍රාව නාවික හමුදාව විසින් පරික්ෂාවට ලක් කර තිබුණා.

එහිදී යාත්‍රාවේ දැල් ආම්පන්න තුල සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680 ක් සොයාගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේම  පදිංචිකරුවෙක්. සැකකරු එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන ජාවාරම්කරුවෙකු බවට අනාවරණය වී තිබෙනවා.

එම සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාර දුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.