Tuesday, May 14, 2024

General line - 0115112241

බුද්ධි අංශ යළි පණ ගන්වන බවට ආරක්ෂක ලේකම්වරයාගෙන් මහනුවරදී පොරොන්දුවක්

හේරත් ඒකනායක / කමල් සුරවීර




විනාශයට ගිය බුද්ධි අංශ යළි පණ ගැන්වීමට තමන් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, මල්වතු සහ අස්ගිරි මහ නායක හිමිවරු බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කිරීම සඳහා අවශ්‍ය නීති කටයුතු සිදු කෙරෙමින් ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේ.  

ජාතික ආරක්ෂාවට හානියක් නොවන අයුරින් කටයුතු කරන්නැයි ද මෙහිදී සියලු ජනතාවගෙන් ආරක්ෂක ලේකම්වරයා ඉල්ලීමක් සිදු කළා.