Friday, May 3, 2024

General line - 0115112241

වසර 05කින් මා ගැන විනිශ්චය කරන්න : 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතු බව ජනපති කියයි




පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලැබුනහොත් 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය ඉවත් කිරිමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

"ද හින්දු" පුවත්පත සමග සාකච්ජාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම අසාර්ථක එකක් බවයි.

"රටක් පාලනය කිරිමට ස්ථාවරත්වයක් අවශ්‍යයි. ඉකුත් සිරිසේන-වික්‍රමසිංහ රජයේ එම ස්ථාවරත්වය තිබුනේ නැහැ. ඒකයි ඔවුන් නිතරම එකිනෙකා අතර සටන් කරමින් සිටියේ. එහෙම සටන් කරමින් ඉද්දි රටක් දියුණු කරන්නේ කොහොමද? රටට ආයෝජකයින් පැමිණෙන්නේ නැහැ" ජනාධිපතිවරයා කියා සිටියා.

එමෙන්ම 13 ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රමයේම කොටසක් බවත් එහි අඩංගු ඇතැම් කරුණු ක්‍රියාත්මක බව පැවසු ජනාධිපතිවරයා එහි එන පොලිස් බලතල ලබාදීම වැනි කරුණු ක්‍රියාත්මක කිරිමට නොහැකි බවත් එමෙන්ම ඒ සම්බන්ධයෙන් ගතහැකි වෙනත් ක්‍රියා මාර්ග ගැන තමන් සාකච්ජා කිරිමට බලාපොරොත්තු වෙන බව කියා සිටියා.

බලය බෙදා හැරීම පිළිබඳව හෝ දෙමළ ජනතාව බහුතරව ජිවත්වන ප්‍රදේශවල අයිතිවාසිකම් සම්බන්ධයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සාකච්ජා කරනවාද යන්න ගැන මෙහිදි "ද හින්දු" පුවත්පත නැගු ප්‍රශ්නයට පිලිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

දමිල ජනතාවට යහපත් ජිවිතයක් සහ ඔවුන්ව සංවර්ධනය කිරිම වඩාත් වැදගත්. නිදහස හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනටමත් ප්‍රතිපාදන තිබෙනවා. ධිවර කර්මාන්තය සහ කෘෂි කර්මාන්තය දියුණු කිරිමේන් ඒවායේ ප්‍රතිලාභ ඔවුන්ට සෘජු ලබාගත හැකි ක්‍රමයක් සහ ඔවුන්ගේ රැකියා සම්බන්ධයෙන් සොයා බැලීම තමන් සිදු කරන බව පැවසු ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක සිංහල ජනතාව කියන්නේ නැහැ ඒ ප්‍රදේශය සංවර්ධනය කරන්න එපා හෝ ඔවුන්ට රැකියා දෙන්න එපා කියලා. 

වසර 70 ක් තිස්සේ පත්වන සියළු නායකයින් එක දෙයක් පොරොන්දු වුනා. ඒ තමයි බලය බෙදා හැරීම. නමුත් අවසානයේ කිසිවක් සිදු වුනේ නැහැ. බහුතර ප්‍රජාවේ කැමැත්තට එරෙහිව කිසිදු දෙයක් කරන්න බැහැ. නමුත් දේශපාලන ප්‍රශ්න වෙනස්. උතුර සහ නැගෙනහිර සම්බන්ධයෙන් මා ගන්නා සංවර්ධන ක්‍රියාමාර්ග ගැන ඔබලාට පුළුවන් තවත් වසර 05 කින් මා ගැන විනිශ්චය කරන්න, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම සුදු වෑන් රථවලින් පැමිණ පැහැර ගෙන යාම් සහ මාධ්‍යවේදීන් මර්ධනය කිරිම සම්බන්ධයෙන් එල්ල වන සියළු චෝදනා සත්‍යයෙන් තොර ඒවා බව ද ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කර සිටියේ.

2009 වර්ෂයේ යුද්ධයෙන් පසුව ඒ සම්බන්ධයෙන් එල්ලවු චෝදනා ගැන පසුවිපරමක් සිදුකළ බවත් අවසානයේදී නිසි විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටි බවත්, ඔවුන්ටද ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හමු නොවු බවයි කියා සිටියේ.

පසුගිය රජය තමන්ට එරෙහිව මේ සම්බන්ධයෙන් චෝදනා ගොනු නොකලේ මන්ද යන්න මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විමසා සිටියා.

"යුධ සමයේදී මාධ්‍ය සීමා කිරිම් කිරිමට අපට සිදුවුණා. නමුත් ඉන් පසුව ඔවුන්ට නිදහසේ වැඩ කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සකසා දුන්නා. අපි නෙමෙයි යුද්ධය ආරම්භ කලේ. නමුත් මහින්ද රාජපක්ෂ රජයයී යුද්ධය අවසන් කලේ. ජනාධිපතිවරයා කියා සිටියා.