Sunday, May 12, 2024

General line - 0115112241

මියගිය පොලිස් නිලධාරියෙකුගේ මළසිරුරක් හමු වේ

දිනසේන රතුගමගේ




යාපනයේ කයිට්ස් මණ්ඩතීව් හන්දියේ තිබී මියගිය පොලිස් නිලධාරියෙකුගේ මළ සිරුරක් ඊයේ (30) පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මළ සිරුර කයිට්ස් රෝහලට බාර දීමෙන්  අනතුරුව පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ එම පොලිස් නිලධාරියා මිය ගොස් ඇත්තේ හෘදයාබාධයක් වැළදීමෙන් බවයි.

ඔහු ඊට පෙර දින රාත්‍රියේ මණ්ඩතිව් හන්දිය අසල ස්ථානයක රාජකාරියේ යොදවා සිටියදී මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙසේ මියගිය නිලධාරියා අනුරාධපුරයේ පදිංචි හතළිස් එක් හැවිරිදි එස්. ගාමිණී නැමති නිලධාරියෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.