Friday, May 3, 2024

General line - 0115112241

නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි තිදෙනෙක් සොයා ගැනේ - දරුවෙක් තවමත් අතුරුදන් (PHOTOS)

රංජිත් රාජපක්ෂ




නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්ව සිටි තිදෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර පැවසුවා.

ඊයේ (30) රාත්‍රි 7.30 ට පමණ වලපනේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ මුන්වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඉහලින් වු පස් කන්දක් නාය යෑමත් සමග ප්‍රධාන මාර්ගයට පහලින් වු නිවසක් පස් කන්දට යට වී එම නිවසේ සිටි අඹුසැමි යුවලක් සහ දරුවන් දෙදෙනෙක් අතුරුදහන් වුණා.

පසුව නුවරඑළිය යුධ හමුදා කදවුරේ නිලධාරින්, පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව සිදු කළ මෙහෙයුමකදී අතුරුදහන්ව සිටි අඹු සැමි යුවල සහ ලබන වසරේ උසස්පෙළ විභාගයට පෙනි සිටීමට නියමිතව සිටි සිසුවියකගේ සිරුරු සොයා ගත්තා.

මෙලෙස සොයාගෙන ඇත්තේ තවදුරටත් අතුරුදන් වී සිටින දරුවාගේ ආච්චී, සීයා සහ සහෝදරියගේ මළසිරුරුයි. 

හෙට (02) පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනි සිටින සිසුවාගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

නායයාමට ලක් වු නිවසේ පදිංචිකරුවන්ට මීට පෙර එම නිවසින් ඉවත් වන ලෙසට අපදා කළමණාකරන ඒකකය මගින් දැනුම් දීමක් සිදු කර තිබූ බවත් වාර්තා වුණා.