Saturday, May 4, 2024

General line - 0115112241

කළු ඟගේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ යෑමේ තත්ත්වයක්




අධික වර්ෂාවත් සමග මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් කළුඟගේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කළුඟගේ ජල මට්ටම රත්නපුර ප‍්‍රදේශයෙන් ද ඉහළ යමින් තිබුණා. මේ වනවිට එහි ජල මට්ටම පහළ යමින් ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

පානදුගම ප‍්‍රදේශයෙන් ඉහළ ගිය නිල්වලා ඟගේ ජල මට්ටම ද මේ වනවිට පහළ යමින් තිබෙනවා. කැළණි ඟගේ සහ ගිං ඟගේ මැනුම් ස්ථානවල ජල මට්ටම් සාමාන්‍ය බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

මේ අතර අත්තනගලු ඔය ධාරා ප‍්‍රදේශයට ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා. අත්තනගලු ඔය දූනමලේ ප‍්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක් දක්වා පැමිණ ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.  

මේ අතර අද පෙරවරු 08.30න් අවසන් වූ ගතවූ පැය 24 දී වැඩිම වර්ෂාලතනය වාර්තා වන්නේ කළුතර දිස්ති‍්‍රක්කයේ පිඹුර සහ අගලවත්ත ප‍්‍රදේශයෙන්. එහි අගය මිලි මීටර් 239.5 0 ක්.

වව්නියාව දිස්ති‍්‍රක්කයේ පෙරියපණ්ඩිවිරිච්චාන් ප‍්‍රදේශයට මිලි මීටර් 238 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. එමෙන්ම මන්නාරම දිස්ති‍්‍රක්කයේ යෝධ වැව ප‍්‍රදේශයට මිලි මීටර් 231 ක වර්ෂාපතනයක් ලැබී තිබුණා. 

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුණේ දාරඔය ප‍්‍රදේශයෙන්. එහි අගය මිලි මීටර් 153.7 5 ක්.

බදුල්ල දිස්ති‍්‍රක්කයේ හාලිඇළ සහ හල්දුම්මුල්ල ප‍්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී තිබුණු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයිි.