Saturday, May 4, 2024

General line - 0115112241

නෙත් අනාවරණයෙන් පසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දුන් අපහසුතා ගැන සොයයි




13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගීවීම සඳහා නේපාලයේ කත්මණ්ඩු නුවරට පැමිණි ශ‍්‍රී ලංකා මළල කී‍්‍රඩික කී‍්‍රඩිකාවන් මුහුණ දුන් අපහසුතා පිළිබඳ කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කී‍්‍රඩා බලධාරීන්ගෙන් විමසීමක් සිදු කර තිබෙනවා.

ඒ, නෙත් ස්පෝට්ස්මන් මේ සම්බන්ධයෙන් සිදු කළ අනාවරණයත් සමගයි.

එහිදී කී‍්‍රඩා අමාත්‍යවරයා නේපාලය වෙත ගොස් සිටින කී‍්‍රඩා බලධාරීන් දුරකතනයෙන් අමතා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට උපදෙස් ලබාදී තිබෙනවා. මතුවන අපහසුතා මගහරවා ගැනීමට වගබලා ගන්නා ලෙස ද කී‍්‍රඩා අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. 

රටට ජයග‍්‍රහණ ලබාදීමට සහ කීර්තියක් ලබාදීමේ අරමුණින් දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගී වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ මානසිකත්වය ඉහළ නැංවීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසයි කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ. 

කෙසේවෙතත්, කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල නේපාලයේ කත්මණ්ඩු නුවර සිටි අදහස් දක්වමින් කියා සිටියේ මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ සංවිධාන කටයුතු දුර්වල මට්ටමක පවතින බවයි. අද (01) පැවැත්වෙන සමාරම්භක උළෙල පැවැත්වෙන වේලාව පිළිබඳ මෙතෙක් නිශ්චිත වශයෙන් ප‍්‍රකාශ කිරීමට ද තරග සංවිධායකයින් අපොහොසත් වී ඇති බවයි ඔවුන් කියා සිටියේ. 

මෙවර 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේදී ශ‍්‍රී ලංකාව රන් පදක්කම් 35 ක් ඉක්මවා දිනා ගනු ඇති බවටද ඔහු අනාවැකි පළ කළා. 

13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ සමාරම්භක උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංගශාලා කී‍්‍රඩාංගනයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා.