Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දීය අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින් නිදහස් කරගත යුතු බව ටෙලෝ සංවිධානය කියයි

මාධව කුලසූරිය -වවුනියාව




ඉන්දීය අත්අඩංගුවේ පසුවන මෙරට ධීවරයින් නිදහස් කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ යුතු බව ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් පවසනවා. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරදී මෙරට අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස් කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

මන්නාරම, යාපනය හා මුලතිව් යන දිස්ත්‍රික්කවල ධීවරයින් පිරිසක් මෙලෙස ඉන්දීය අත්අඩංගුවේ පසුවන බවයි ඔහු පැවසුවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉන්දීය ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සහයෝගීතාව ගොඩනගා ගැනීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක උතුරේ ධීවරයින් නිදහස් කර ගැනීමට බාධාවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.