Friday, May 3, 2024

General line - 0115112241

උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කරයි 

ප්‍රගීත් ජනක




උඩවලව ජලාශයේ ධාරිතා ඉක්මවා යෑම හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු සියල්ලම අඩි එක හමාර බැගින් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් තප්පරයට ඝණ අඩි 13600 ක ජල ප්‍රවාහයක් වලව ගගේ පහළ කොටසට මුදා හැරෙන බවයි වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය පවසන්නේ.

පසුගිය දින කිහිපයේදී බලංගොඩ,බෙලිහුල් ඔය සමනල වැව ආශ්‍රිත ප්‍රදේශවලට ඇද හැළුණු අධික වැසි හේතුවෙන් උඩවලව ජලාශය මෙසේ වාන් දමන මට්ටමට පත්ව ඇත.

මේ හේතුවේන් අම්බලන්තොට,රිදියගම,මැලේ කොළණිය සහ වලව ගග පහල කොටසේ ජලය පරිහරනය කරන අය විමසිල්ලෙන් පසුවන ලෙස දන්වා සිටී.