Friday, May 3, 2024

General line - 0115112241

ඉදිරි දින කිහිපයේත් තද වැසි




රට පුරා බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදී ද වැසි ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. යාපනය, මුලතිව්, කිලිනොච්චි, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ක පමණ තද වැසි ද අපේක්ෂා කරන බවයි කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මිලි මීටර 100 ක පමණ වැසි අපේක්ෂා කෙරෙනවා. ප්‍රබල අකුණු සහ වරින් - වර තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.