Friday, May 3, 2024

General line - 0115112241

වැට් සහන බලාත්මක කරන ගැසට්ටුව අද




ආර්ථිකය සවිබල ගැන්වීම සදහා ලබාදුන් සහන පැකේජයේ ඇතුලත් වක්‍ර බදු සහන අද (01) සිට ක්‍රියාත්මක වනවා. අදාළ ගැසට් නිවේදන අද නිකුත් කෙරෙන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ. වැට් සහ ජාතිය ගොඩ නැගීමේ බදු ඒකාබද්ධ කර සියයට 08 ක් දක්වා අඩු කිරීම ද මේ යටතේ සිදු වනු ඇති. 

සහන පැකේජය ඇතුළත් සෘජු බදු සහන ලබන ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ජනතාවට පීඩාකාරී වූ නව දේශීය ආදායම් පනත සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර විදේශ ඉපයීම් සඳහා ලබා දෙන බදු සහන හේතුවෙන් රුපියල ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වනු ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් කිරීම නිසා ද විදේශ විනිමය ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් උපයා ගැනීමට හැකි වනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විශ්වාස කරනවා.