Friday, May 3, 2024

General line - 0115112241

සරසවි සිසුන්ගේ විරෝධතාවක් නිසා නුගේගොඩ විජේරාම මංසන්ධියේ රථවාහන තදබදයක්




ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් නුගේගොඩ විජේරාම මංසන්ධියේ විරෝධතාවක නිරත වී සිටිනවා. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරවල පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වී සිටින්නේ.

විරෝධතාව හේතුවෙන් නුගේගොඩ විජේරාම මංසන්ධිය අවට ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද පවතින බව පොලීසිය සඳහන් කළා.