Friday, May 3, 2024

General line - 0115112241

දුර ගමන් බස් රථවල රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට විවේකාගාර




දුර ගමන් සේවාවල නිරත බස්රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට විවේක ගැනීම සදහා විවේකාගාර පද්ධතියක් ස්ථාපිත කිරීමට මගි ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පුද්ගලික සහ ලංගම රියදුරන් අධික ලෙස වෙහෙසට පත්වීම කොළඹින් බැහැර ප‍්‍රදේශවල දරුණු මට්ටමේ වාහන අනතුරු සිදුවීමට මූලිකව බලපා ඇති කරුණක් බව අධ්‍යයනයකින් හෙළි වී ඇති බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කළේ.

ඒ අනුව නියාමන ව්‍යාපෘතියක් ලෙස කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොල පරිශ‍්‍රයේ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට උචිත විවේකාගාර පද්ධතියක් ඉදිකිරීමට අමාත්‍ය මහින්ද අමරවීර අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.