Saturday, May 4, 2024

General line - 0115112241

හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නට අල්ලස් කොමිසම යළි නඩු පවරයි 




සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිය බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම අද (06) කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩුවක් පවරනු ලැබුවා.

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ දී ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමට අයත් රුපියල් මිලියන 3.3ක මුදලක් මාරවිල පිහිටි ගම්බද කේටර්ස් නමැති සමාගමට ගෙවන ලෙස ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පෙළඹවිම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව මීට පෙර නඩුවක් පවරා තිබුණා.

මෙම නඩුව ඉකුත්දා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණය දන්වා සිටියේ මෙම නඩුව ගොනු කර තිබෙන්නේ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව හෙයින් නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දී පසුව විත්තිකාර ප්‍රියංකර ජයරත්න හිටපු අමාත්‍යවරයා නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම විසින් අද දිනයේදී හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව යළි නඩු පැවරීමට පියවර ගනු ලැබුවා.