Saturday, May 4, 2024

General line - 0115112241

නගර අලංකාර කරන ව්‍යාපෘති සිදුකරන අයගේ සත් ආකල්පය සෙසු අයට ආදර්ශයක් 




ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිස් තාප්පවල සිතුවම් කරමින් හෝ වෙනත් අයුරකින් නගර අලංකාර කරන ව්‍යාපෘතීන් මේ දිනවල රටපුරා සිදුවනවා.  මෙවැනි ව්‍යාපෘතීන්වලට එක්ව සිටිනන්ගේ සත් ආකල්පය සෙසු අයටද ආදර්ශයක් බවයි කළමනාකරන උපදේශක ප්‍රියනාත් ජයසූරිය පෙන්වා දෙන්නේ. ඊයේ (05) රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී මෙම අදහස් පල කෙරුණා.

යමෙකු කරන කියන දේ දේශපාලන අර්ථයකින් හෝ වෙනත් පාරම්පරික සම්මතයකට අනුව අවබෝධයකින් තොරව විවේචනය කිරීම වහල්භාවයක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

නෙත් එෆ්එම් අන්ලිමිටඩ් සම්පුර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකිය.