Monday, May 13, 2024

General line - 0115112241

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට නාවික හමුදා සහන කණ්ඩායම් (PHOTOS)




පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට නාවික හමුදා සහන කණ්ඩායම් අනියුක්ත කර තිබෙනවා. ගිං ගඟ හරහා ඇති අගලිය, දොඩන්ගොඩ සහ වක්වැල්ල පාලම්වල සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම ද එම සහන කණ්ඩායම් විසින් ඉකුත් දෙදින පුරා සිදුකළ බවයි නාවික හමුදාව පැවසුවේ.

මෙම සහන කණ්ඩායම්වලට නාවික හමුදා කිමිදුම් අංශයේ සහ මැරීන් බලගණයට අනියුක්ත නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ද එක්ව සිටිනවා.