Sunday, May 19, 2024

General line - 0115112241

නෙත් නිවුස් වාර්තාකරුට පහරදුන් පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කරයි




නෙත් නිවුස් ප්‍රාදේශීය වාර්තාකරු තුසිත කුමාරට සහ ඔහුගේ බිරිදට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් 5 දෙනා ලබන 20 වනදා දක්වා අද (10) රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කළුතර මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්නගේ නියෝගයක් අනුවයි. 

මෙම සැකකරුවන් පහරදීම සිදුකළ දිනම ප්‍රදේශය අතහැර පලාගොස් තිබුණා. ඔවුන් අත්අඩංගුවට ගැණුනේ තිස්සමහාරාම සහ මතුගම යන ප්‍රදේශවලදීයි. 

අලුත්ගම ප්‍රදේශයේ සිදු කෙරුණු කෘතීම රා නිපදවීමේ ජාවාරමක් පිළිබද මාධ්‍යයට අනාවරණ කළේ යැයි පවසමින් අදාළ පහරදීම සිදුව තිබුණා. තුවාල ලැබූ නෙත් නිවුස් ප්‍රාදේශීය වාර්තාකරු තුසිත කුමාර සහ ඔහුගේ බිරිද ප්‍රතිකාර සදහා ඇතුළත් කෙරුණේ කළුතර නාගොඩ රෝහලටයි.