Sunday, May 19, 2024

General line - 0115112241

මහ මැතිවරණය තෙක් එජාපයේ නායකයා "රනිල්"




ඉදිරි මහමැතිවරණය තෙක්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය අද (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සඳහන් කළේ එක්සත් පක්ෂයේ අර්බුදයක් ඇති කිරීමට කිසිවෙකු උත්සාහ දරන්නේ නම් එය කුමන්ත්‍රණයකට අනුව සිදු වන්නක් බවයි.