Tuesday, May 14, 2024

General line - 0115112241

"රනිල් සමග යනවාද?" - එජාප පසුපෙළ තවත් සාකච්ඡාවක




ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායකයා කවුරුන්ද යන්න පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පවසනවා.

ඔහු කියා සිටියේ ජනතාව අපේක්ෂා කරන නායකයා, එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය යුතු බවයි. 

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වන්නේ ජයග‍්‍රාහී නායකයෙකු බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.  

කෙසේ වෙතත් ඉදිරි මහමැතිවරණය තෙක්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බවයි පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් ඊයේ ප‍්‍රකාශ කළේ.