Monday, May 20, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ උත්තර පත‍්‍ර බලන ගුරුවරුන්ට පුහුණුවක්




සාමාන්‍ය පෙළ විභාගය අද (12) අවසන්වීමෙන් පසු කලහකාරී සිද්ධීන් ඇතිවීම වැළැක්වීම සඳහා විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ආරක්ෂක අංශ ද සූදානමින් තබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාගය අවසන්වීමෙන් පසු කිසියම අයදුම්කරුවෙකු කලහාකාරීව හැසිරුණ හොත් එවැන්නන්ගේ ප‍්‍රතිපල අවලංගු කළ හැකි බව ද මෙහිදී සිහිපත් කෙරුණා. 

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම ලබන 26 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. 

උත්තර පත‍්‍ර ඇගයීම සඳහා සහභාගී වන ගුරුවරුන් වෙනුවෙන් පුහුණුසැසි ද පැවැත්වෙනවා. ලබන 18 සහ 19 යන දිනවලදී ඊට අදාළ රැස්වීම් පැවැත්වීමට නියමිතයි. අයැදුම්කරුවන් හත් ලක්ෂ 17,008 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා.