Monday, May 20, 2024

General line - 0115112241

තිරිගු පිටි සඳහා බදු සහනයක්




තිරිගු පිටි සඳහා බදු සහනයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තවේදී පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ඊට හේතු දැක්වුවා. 

එහිදී "තිරිගු පිටි සඳහා වූ බද්ද සුළු වශයෙන් අඩු කිරීමට තීරණය කළේ වර්තමානයේ ඇති වී තිබෙන සහල් මිල ඉහළ යෑම නිසා ජනතාවට යම් පමණක සහනයක් ලබාදීමටයි. මේ හරහා අධික මිලට අලෙවි කරණ සහල් සඳහා ඇති තරගකාරීත්වය අඩු කිරීම. මෙය තාවකාලික තීරණයක්. ඒ වගේම දැනට පවතින ඒකාධිකාරී තිරිගු පිටි ආනයනය වෙනස් කිරීමටත් විවෘත ස්වභාවයකින් තිරිගු පිටි ආනයනයට අවශ්‍ය ප්‍රතිපාදන සැළසීමටත් ඉදිරියේදී කටයුතු සිදු කෙරෙනවා." යනුවෙන්ද සඳහන් කළා.

ආන්දෝලනයට ලක්වී තිබෙන අමෙරිකාව සමග අත්සන් කිරීමට නියමිතව තිබූ MCC ගිවිසුම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ "ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කරන්න යනවා..අත්සන් කරන්න දින නියම කර තියෙනවා.. වගේ කතා කිසිම පදනමක් නැති කතා." බවයි.