Monday, May 20, 2024

General line - 0115112241

නව ආණ්ඩුව පත් වීමෙන් පසු ව්‍යවස්ථාදායක සභාව පළමු වරට රැස් වේ




ව්‍යවස්ථාදායක සභාව මේ වනවිට රැස්වී තිබෙනවා. කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුවේදීයි.

විපක්ෂ නායකවරයාද නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු වුවත්, විපක්ෂ නායකවරයා ලෙස නම් කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාසට අද (12) පැවැත්වන රැස්වීම සඳහා සහභාගීවීමට අවස්ථාවක් ලැබී නැහැ.

ඒ, විපක්ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තුව විසින් ඔහුගේ නම මෙතෙක් නිල වශයෙන් ප‍්‍රකාශ කර නොතිබීම හේතුවෙන්. 

ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු ද ව්‍යවස්ථාදායක සභාවට ඇතුළත් වනවා. වත්මන් ජනාධිපතිවරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාවුවත්, අද පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස සහභාගී වී සිටින්නේ හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඊට පත් කෙරුණු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහයි. 

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් ලෙස ආර්. සම්බන්ධන් සහ බිමල් රත්නායක යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ සිවිල් නියෝජිත ජයන්ත ධනපාල ද දැන් පැවැත්වෙන රැස්වීම සඳහා සහභාගී වී සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

නව ආණ්ඩුව පත්වීමෙන් පසු ව්‍යවස්ථා සභාව රැස්වූ පළමු අවස්ථාව ද මෙයයි.