Sunday, May 19, 2024

General line - 0115112241

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් සඳහා කැබිනට් අනුමැතිය




ජීවන වියදමට අදාළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම අනුකාරක සභාවට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චමල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද හා වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් පත්කිරීමට නියමිතයි.

එම අනුකාරක සභාවට සහයවීම පිණිස රාජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ද තීරණය කර තිබෙනවා.