Monday, May 20, 2024

General line - 0115112241

ස්විස් තානාපති කාර්යාල සේවිකාවට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ




පැහැර ගැනීමකට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණි ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම මෙම මස 17 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ල අද කැදවූ අවස්ථාවේදී කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙම නියෝගය නිකුත් කළා.

එම නිලධාරිණිය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයකට යොමු කරන ලෙසටද කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට එහිදී නියෝග කෙරුණා.