Sunday, May 19, 2024

General line - 0115112241

ආසියානු කුසලාන රග්බි 19 න් පහළ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි




ලබන වසරේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට ශ‍්‍රී ලංකාව ඊයේ (14) සමත්වුණා.

ඒ, චීනයේ පැවැති වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ ශුරතාව දිනා ගනිමින්.

පිලිපීනයට එරෙහිව පැවැති අවසන් මහා තරගය ලකුණු 40 ට 0 ක් ලෙස පහසුවෙන් ජයගනිමින් ශ‍්‍රී ලංකාව ඊට සුදුසුකම් ලබාගත්තා. 

මෙවර වයස අවුරුදු 19 න් පහළ ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ තුලෙයිබ් හසන්. එම කණ්ඩායමේ පසුපෙළ පුහුණුකරුවෙකු ලෙස රෝහිත රාජපක්ෂ කටයුතු කළා.